ලුණු මිල ඉහළ දැමීමට සූදානම්

0
70

NEWSNOW | – ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.

ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව සඳහන්ය.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60කින්ද මිල ඉහළ නංවා ඇත.

කෙසේවෙතත් මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බව හම්බන්තොට ලුණු සමාගම සඳහන් කළේය.

මෙරට වාර්’ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ටොන් ලක්ෂ 02ක් වන බව සඳහන්ය.

කෙසේවෙතත් පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටුණි.

මේ හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 12,000 ක් ආනයනය කර ඇත.

එහෙත් මෙම ආනයනය තාවකාලික බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.