10%ත් 30%ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩු කෙරෙන ලකුණු

0
102

10%ත් 30%ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට රජය සූදානම් වෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි

ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බවද ඔවුන් කියයි.

මේ අනුව ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

අනතුරුව සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.