ගිනිඅවි සමාලෝචනයෙන් පසු යෝෂිත ගිනි අවි 5ක් භාර දෙයි

0
201

NEWSNOW| –  යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබුණි.

ඒ ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසුව නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දීමෙන් පසුවය.

මේ වනවිට තොරතුරු වාර්තාවෙන පරිදි ඔහු සතුව තිබූ ඉතිරි ගිනිඅවි 2ත් භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.