නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකුද පිටුවහල් කිරීමට ඇමෙරිකාව සැරසෙයි

0
38
Migrants get on the patrol vehicle of the U.S. Border Patrol on February 13, 2024 in San Diego, California. VCG/Qian Weizhong

NEWSNOW | – නව අමෙරිකානු පරිපාලනය විසින් එරට නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් පිටුවහල් කිරීමට සූදානම් වෙයි.

එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කරයි.

මෙලෙස ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව අමෙරිකානු පරිපාලනය විසින් මේ වනවිට සකස් කර තිබේ.

ඊට ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සදහන්ය.

එහිදී අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත්ව නොමැත.