ගාල්ල හිනිදුම ප්‍රදේශයේ සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනය ගැන පරීක්‍ෂණ

0
32
In the modern criminal justice system, there are two types of homicide: murder and manslaughter.

NEWSNOW | – ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී ත්‍රිපුද්ගල ඝාතනයක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.

වෙඩිවැදුණු පුද්ගලයන් එම ස්ථානයේදීම මියගොස් ඇත.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බවද වාර්’තා වේ.

මියගිය අය අතර 29 සහ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර අනිත් පුද්ගලයාගේ වයස මෙතෙක් හෙළිව නොමැත.

සැකකරුවන් සොයා හිනිදුම පොලිසිය විමර්ශන අරම්භ කර ඇත.