NEWSNOW | – 2024 වසරේ ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 321ක් ලැබී තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ 2024 වර්’ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බව වාර්’තා වී ඇති බවය.
එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 8,746ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන 2,746ක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි බව සඳහන්ය.
ළමුන් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,950ක් ලැබී ඇති අතර යාචකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 229ක් ලැබී තිබේ.
ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර ලිංගික ක්‍රියාවන් සඳහා ළමුන් යොමුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
මේ අතර ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 14ක් පසුගිය වර්’ෂය තුළ වාර්’තා වී ඇති අතර නිරුවත් ඡායාරූප අන්තර්’ජාලයට මුදා හරින බවට තර්’ජනය කිරීම පිළිබඳ පැමිණිලි 151ක් ලැබී තිබේ.