NEWSNOW| – මෙරට මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසයි.
එම සමාගම මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එම සමාගමේ ප්‍රකාශකයෙකු පවසන්නේ, එම වාර්තා අසත්‍ය හා නොමග යවනසුළු ඒවා බවයි.
2025 ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1ක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරනු ලබන බව එම සමාගම කියයි.