විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක් මිලදී ගැනීමට රජය තීරණය කරයි

0
90

NEWSNOW | – නැවත ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කරයි.

ඒ වර්තමානයේ පවතින නව විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයට පිළියමක් ලෙස හදිසි ක්‍රියාමාර්ගයක් ලෙසය.

අද (23) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ,“නැවත ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා සඳුදා දිනයේ වනවිට මේක පුවත්පත්වල ප්‍රකාශ කරලා, නව විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක් මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් ප්‍රසිද්ධ කරන්න පුළුවන් වෙයි කියලා”.