NEWSNOW| – හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61 ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවය.
ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සැකකරු හා සැකකාරිය හෙට (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරයි.