2025 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවත්

0
118

NEWSNOW| – 2025 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන සම්බන්ධයෙන් බීබීසී ආයතනය විසින් සිදු කර තිබේ

එම රටවල් 25 අතරට  ශ්‍රී ලංකාව තේරී පත්ව ඇති අතර එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් BBC නාලිකාව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කර තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඩොමිනිකාවටත්, දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවටත්, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩොලොමයිට්ස් කඳුකාරයටත් හිමිව ඇත.

අවසන් ස්ථානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරටත් හිමිව තිබේ.