අද මධ්‍යම රාත්‍රියේ සිට 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කෙරේ

0
46

NEWSNOW | – අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇති බවය.

ඒ අනුව මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.