කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

0
159

NEWSNOW| – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදු කිරීමට සුදානම් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරෙනු ඇත.

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම්දෙයි.