පාර්’ලිමේන්තු සේවිකාවන්ටත් ලිංගික හිංසන – වහාම විමර්’ශනයක්

0
38

NEWSNOW | – මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්’තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්’ශනයක් පැවැත්වීමට පාර්’ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්’ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

පාර්’ලිමේන්තුවේ පරිපාලන කටයුතු බාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය මෙම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරයි. කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු එම දෙපාර්’තමේන්තුවේ සේවිකාවන්ගෙන් පෙරේදා (9) ප්‍රශ්න කර කට උත්තර සටහන් කරගෙන ඇති බව එහි ආරංචි මාර්’ග සඳහන් කරයි.

විමර්’ශනවලදී සේවිකාවක තමාට ලිංගික වශයෙන් අඩන්තේට්ටම් සිදුවූ බවට පැහැදිලිවම කරුණු අනාවරණය කර ඇතැයි එම ආරංචි මාර්’ග ප්‍රකාශ කළේය. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්’ශනයක් පවත්වන ලෙස සේවකයෝ පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද සූදානම් වෙති.