Home TOP ටිබෙටයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් 53 දෙනෙකු මරුට
ටිබෙටයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් 53 දෙනෙකු මරුට
NEWSNOW | – ටිබෙටයේ දුෂ්කර ප්‍රදේශයක අද (07) උදෑසන ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
මෙම භූ කම්පන තත්ත්වය අසල්වැසි නේපාලයේ සහ උතුරු ඉන්දියාවේ සමහර ප්‍රදේශවලට දැනී තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සංගමය (USGS) ප්‍රකාශ කළේ රිච්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූ කම්පනය එරට වේලාවෙන් පෙරවරු 9.05 ට සිදු වූ අතර ඉන් අනතුරුව විවිධ පසු කම්පන ඇති වූ බවයි.
භූමිකම්පාවෙන් තවත් පුද්ගලයින් 62 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කම්පනය ඇති ටින්ග්‍රි ප්‍රාන්තයේ නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති බව රාජ්‍ය පුවත් ඒජන්සිය වන Xinhua වාර්’තා කරයි.
අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 86 ක් (සැතපුම් 53) පමණ දුරින් ලාට්සේ ප්‍රාන්තයේ වීදිවල හානියට පත් වහලවල්, සාප්පු ඉදිරිපස සහ සුන්බුන් ගොඩගැසී ඇති බව පෙන්නුම් කළේය. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයකට ද හානි සිදුව ඇති බව දර්’ශනවල දැක්වේ.