මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලැබූ තවත් රැඳවික් මිය යයි

0
228

NEWSNOW | – මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් රැඳවියාද අද (3) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු දික්කසාද නඩුවක නඩත්තු නොගෙවීම හේතුවෙන් මාස 05 බැගින් මාස 10ක සිරදඩුවම් නියම වී සිරගතව සිටි අයෙකි.

එමෙන්ම මොහුට විරුද්ධව විසඳීමට තවත් නඩු 06ක් පවතින බවත් සඳහන්ය.

ඒ අනුව බෝ අත්ත කඩා වැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් මියගිය ගණන 2ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අනතුරෙන් රැදවියන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් සියලු දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.