සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක්

0
136

NEWSNOW | –   සංවිධානාත්මක අපරාධ පාලන කමිටුවක් ස්ථාපිත කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඉහළ යන වෙඩි තැබීම් මුල්කර ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැඬ පැවැත්වීම වෙනුවෙන් පත් කළ මෙම කමිටුවේ සභාපතිවරු ලෙස බස්නාහිර සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ළ කටයුතු කරන බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 20දෙනක්ගෙන් සමන්විත මෙම කමිටුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි, පොලිස් විශේෂ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10දෙනෙක් ඇතුළත් වේ.

එමෙන්ම ඊට අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත උතුර සහ දකුණ අපරාධ කොට්ඨාසය හා කළුතර, ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ද ඇතුළත් බව වාර්තා වේ.