කෝටි 38කට අධික වටිනා කමින් යුත් තවත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අල්ලයි

0
32

NEWSNOW| –  රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් ,  කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (24) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.
  ඔහු අද දින දහවල් 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
 ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ ” කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 388 ක් පාර්සල් 05 ක් ලෙස සකස් කර , සගවා ගෙන , පැමිණ සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
(කටුනායක – ටී.කේ.ජී. කපිල)