ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේ වැසි

0
155

NEWSNOW| –  අද(23) දිනයේ දිවයිනේ දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්’තමේන්තුව සඳහන් කර ඇත්තේ සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.