සහල් ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

0
32

NEWSNOW| – සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගැනීමට නියමිතය.

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලසිමාව අවශ්‍යතාව මත දීර්ඝ කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ද ඊයේ (19) ප්‍රකාශ කළේය.

ඒ අනුව සහල් ආනයනය දීර්ඝ කීරීම සඳහා වූ ගැසට් නිවේදනය ලබන 24වනදා ප්‍රකාශයට පත්කරනු ඇති බව සඳහන්ය.

රජය විසින් සහල් අනායනයට ලබාදි තිබූ කාලය අද (20) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වේ. යම් හෙයකින් සහල් ආනයනයට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමක් සිදු නොකළහොත් අද මධ්‍යම රාත්‍රි 12න් පසු මෙරටට ආනයනය කරනු ලබන සහල් තොග ප්‍රති අපනයනය කිරීමට සිදුවනු ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා පැවසීය.