NEWSNOW | – ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙන්ම ආර්’ථික අර්’බුදය හමුවේ චීන රජය ලබාදුන් සහය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළේය. ආර්’ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනය ලබාදුන් සහය සහ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් තම ප්‍රශංසාව හිමිවන බව ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපති දිසානායක මහතා මේ අදහස් පළ කළේ චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි Qin Boyong මහත්මිය සමඟ ඊයේ (18) පාර්ලිමේන්තු සංකීර්’ණයේ පැවැති හමුවකදීය.
දෙරට අතර දීර්’ඝ කාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව Qin Boyong මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයන්හිදී චීනය ලබාදුන් සහය සහ දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා සිය කෘතඥතාව පළ කළේය. අනාගතයේදී චීනයේ සහාය අඛණ්ඩව අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
මධ්‍යම අධිවේගී මාර්’ගයේ නිම නොකළ කොටස් චීන කළමනාකාරීත්වය යටතේ නිම කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත සැපයුම් මධ්‍යස්ථාන සහ ආයතනික ව්‍යාපෘති ආරම්භ කිරීම කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.
අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමඟ විවිධ හේතූන් මත තාවකාලිකව නවතා තිබූ සමුද්‍ර පර්’යේෂණ කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව Qin Boyong මහත්මිය ප්‍රකාශ කළාය.
තවද, ශ්‍රී ලංකාවට වඩා හොඳ ගෝලීය ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් චීන සමාගම් හම්බන්තොට ආයෝජන කලාපය තුළ ස්ථාපිත කිරීමට අදහස් කරන බව ඇය සඳහන් කළාය. ඉදිරි චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උණුසුම් ලෙස පිළිගැනීමට සූදානම් වන බවද ඇය අනාවරණය කළාය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ කමිටු සභික මා යූෂියැන්ග් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.