අරාබි ඉගෙන ගත යුත්තේ ඇයි?

0
52
  1. වැඩි රැකියා අවස්ථා

    අරාබි භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ දැනුම අත් කර ගැනීමත් සමඟම ඔබේ අනාගතය සාර්’ථක කර ගැනීමට මෙය ඉවහල් විය හැකිය. දේශපාලන විද්‍යාව, අපරාධ යුක්තිය, ව්‍යාපාර, අධ්‍යාපනය, පුවත්පත් කලාව, නීතිය, වාග් විද්‍යාව, සමාජ සුබසාධන කටයුතු, ආගමික අධ්‍යයනය, අප්‍රිකානු අධ්‍යයනය, සංසන්දනාත්මක සාහිත්‍යය සහ තවත් බොහෝ දේ හදාරන්නන්ට අරාබි බස දැන සිටීම විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

    අරාබි භාෂාව ඉගෙන ගන්නා අයට පුවත්පත් කලාව, ව්‍යාපාර, අධ්‍යාපනය, මූල්‍ය සහ බැංකුකරණය, පරිවර්’තනය සහ අර්’ථ නිරූපණය, උපදේශනය, විදේශ සේවා බුද්ධි අංශය සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල වෘත්තීන්ද සොයා ගත හැකිය. උදාහරණයකට ඔබ එක්සත් ජනපදයේ FBI ආයතනයේ රැකියාවක් පතන්නේ නම් අරාබි බස් දැනුම විශේෂ වාසියක් ඔබට ඇති කරනු ඇත. මන්ද යත් සුප්‍රකට එම ආයතනයේ අරාබි බස ටිකක් හෝ දන්නා අය සිටින්නේ 1% ක් පමණි.

    ජාත්‍යන්තර සංවිධානවල රැකියා අවස්ථා ලැබීම

    එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, USAID වැනි ජගත් සංවිධානවල අරාබි බස මෙන්ම අරාබි සංස්කෘතීන් දන්නා අයට හොඳ ඉල්ලුමක් තිබේ.

ව්‍යාපාර අවස්ථා

වෙළඳාම ගත් කළ, අරාබි භාෂාව කතා කරන රටවල් සීඝ්‍රයෙන් වර්’ධනය වන වෙළඳපොලවල් බවට පත්ව ඇති අතර, මේ නිසා අරාබි ලෝකය ගෝලීය ආර්’ථිකයට සම්බන්ධ කිරීමේ කටයුතු හරහා විවිධ නව ව්‍යාපාරික අවස්ථා විවෘත වනු ඇත. අරාබි රටවල වේගයෙන් වැඩි වන ජනගහනයත් සමඟ අරාබි ලෝකය භාණ්ඩ හා සේවා සඳහා දැවැන්ත වෙළෙඳපොළක් නිර්’මාණය කරමින් සිටියි.

ශිෂ්‍යත්ව සහ වෙනත් ප්‍රතිපාදන

අරාබි භාෂාව යනු උපායමාර්’ගික වැදගත්කමක් ඇති භාෂාවක් යැයි ඇමරිකා එක්සත් ජනපදය නම් කර ඇත. එබැවින්, අරාබි ඉගෙනීම නිසා ඇති වන මූල්‍ය වාසි ඔබ සිතනවාට වඩා බෙහෙවින් වැඩිය. ජාතික උපාය මාර්’ගික භාෂා මුලපිරීම මගින් බොහෝ ශිෂ්‍යත්ව සහ ඉගෙනීමේ අවස්ථා නිර්’මාණය වෙමින් පවතින අතර අරාබි බස ඇතුලු අනෙකුත් භාෂා ඉගෙනීම මේ සඳහා අතිශය වැදගත් යැයි සැලකේ. මෙමගින් ඔබගේ වියදම් පියවා ගත හැකි අතර ආරම්භක පාඨමාලා සිට උසස් පාඨමාලා ඇතුලු පාඨමාලා රාශියක් සඳහා මෙන්ම විදේශ රටවල අධ්‍යයනය, තීව්‍ර උපදෙස් අවස්ථා, ගුරු හුවමාරුව සහ වෘත්තීය සංවර්’ධනය සඳහාද ඔබට මෙය පිටුවහලක් වනු ඇත.

මෙම ශිෂ්‍යත්ව සහ ප්‍රදාන සමහරක් පහත දැක්වේ:

  •  කටාර් විශ්වවිද්‍යාලයය
  • තීරණාත්මක භාෂා ශිෂ්‍යත්වය
  •  විදේශ අරාබි වැඩසටහන්
  • බොරන් සම්මාන
  • බෙන්ජමින් ඒ ගිල්මන් ජාත්‍යන්තර ශිෂ්‍යත්වය

අන්තර් සංස්කෘතික අවබෝධය

අරාබි භාෂාව දැන ගැනීම ඔබට මූල්‍යමය වශයෙන් උපකාරී වනවා පමණක් නොව, අන්තර් සංස්කෘතික අවබෝධය ලබා ගැනීමටද එය පිහිට වේ. බටහිර ලෝකයේ බොහෝ අය බඩ නැටුම් (බෙලි ඩෑන්සිං) එක්දහස් එක් රැයේ අරාබි නිසොල්ලාසය ගැන අසා තිබෙන අතර හුම්මුස් සහ ෆලාෆිල් වැනි මැද පෙරදිග කෑම වර්’ග අනුභව කරන්නට ඇත, එනමුත් මෙම සීමිත දැනුම අරාබි ජීවන රටාව ගැන දැනගත යුතු සියල්ල ඔබට කියා නොදෙයි. අරාබි ලෝකය ඝවේෂණය කරන විට, ගෞරවය, බුහුමන සහ ආගන්තුක සත්කාරය ඇතුළුව එහි ජනතාවට වැදගත් වන සුවිශේෂී අගයන් සහ සංස්කෘතිය අගය කිරීමට ඔබ පෙළඹෙනු ඇත. එක්සත් ජනපදයේ දැනට වාසය කරන මිලියන 3.5 කට අධික අරාබි – ඇමරිකානුවන් ගැන වඩාත් හොඳ අවබෝධයක් අත් කර ගැනීමටද ඔබට මෙය රුකුලක් වනු ඇත.