NEWSNOW | – ඉන්දීය සංචාරය නිම කරමින් ඊයේ(17) රාත්‍රියේ දිවයිනට පැමිණෙන අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුවන් යානය තුලදී ජනතාව සමඟ අදහස් හුවමාරු කරගෙන තිබේ.
ව්‍යාපාරික පන්තියේ ගමන් කරමින් සිටි ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආර්’ථික පන්තියේ ගමන්ගත් මගීන් වෙත පැමිණ කතාබහ කර ඇත.
එම ගුවන්යානයේ ගමන්ගත් වෛද්‍ය මක්කාරිම් මහතා මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණි.
එහි වුණේ,
ඔහු පොළවේ පයගසා සිටින පුද්ගලයෙකි! ඔහු ගුවන් ගමන අතරතුර ව්‍යාපාරික පන්තියේ සිටි ආර්’ථික පන්තියේ ගමන් ගත් මගීන් වෙත පැමිණ ඔවුන් සමඟ තනි තනිව කතා කළේය.පුද්ගලික ප්‍රශ්න කිහිපයක්ද ඇසුවේය. ඔහු පිළිගැනීමට නිල නිවේදනයක් නොතිබුණි.සෙසු මගීන්ට කිසිදු කරදරයක් වුයේද නැත. මෙම ගුවන් යානයේ සිටි විදේශික ජාතීන් මෙම දර්’ශනය(ජනාධිපතිවරයෙකු සාමාන්‍ය මගීන් ගමන් ගන්නා යානයක සිටීම) දැක පුදුමයට පත් විය.
ඔහුගේ නායකත්වය යටතේ “ශ්‍රී ලාංකික” යැයි පැවසීම අපට ආඩම්බරයකි.
උපුටා ගැනීම අවසන් .