අසාද් සාලි අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී – අධිකරණය කියයි

0
41

NEWSNOW | – 2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

ඒ වෙනුවෙන් රුපියල් 75,000ක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

එමෙන්ම මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, එවක අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.