NEWSNOW | – හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව 60කට අඩු කර තිබේ.
වැඩ බලන පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ හිටපු ජනාධිපති වරුන්ගේ ආරක්ෂක තත්ත්ව වාර්’තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.
මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීහු 116 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවනු ලැබ සිටිති.
පොලිස් කොට්ඨාස 38කට මාරුකර යවා ඇති මෙම පිරිසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හත් දෙනෙක් සහ පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙක්ද ඇතුළත් වෙති.
මෙම පිරිස විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යටතේ මෙතෙක් අනුයුක්ත කරනු ලැබ සිටියහ.
විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්ෂාවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ ආරක්ෂක රථ තුනක්ද මෙයට පෙර ඉවත් කෙරිණ.