2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා පූර්’ව සාකච්ඡා ඇරඹේ

0
166

NEWSNOW | – 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්’ව සාකච්ඡා අද(10) ආරම්භ කෙරුණි

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අනුව එහි එක් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්’ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්’යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්විණි.

ඊට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.