අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර මහා නිකායේ සොළොස්වන ශ්‍රීමත් මහානායක ධුරයෙන් පිදුම් ලබති

0
61

NEWSNOW| –  ශ්‍රී ලංකා අමරපුර වංශයේ ආරම්භක අමරපුර මහා නිකායේ සොළොස්වන ශ්‍රීමත් මහානායක ධුරයට අම්බලන්ගොඩ, කන්දෙගොඩ මහා චේතිය පිරිවෙන් විහාරය, කොළඹ-14, එම්. වින්සන්ට් පෙරේරා මාවතේ ශ්‍රී ඉසිපතනාරාම මහා විහාරය ප්‍රධාන විහාර ගණයේ අධිපති අතිපූජ්‍ය ආචාර්’ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ තත් කාරක මහා සංඝ සභාව මගින් පත් කරන ලදී

එම ශ්‍රී සන්නස්‌ පත්‍ර ප්‍රදානෝත්සවය අද (07) සවස 3:00 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ.ලෝටස් ශාලාවේදී පැවැත්වුණි.

මෙහිදී අමරපුර මහා නිකාය වෙනුවෙන් නව වෙබ් අඩවියක්ද එළි දැක්වුණි.

පර්’යාප්ති ශාසනධ්වජාග්‍ර ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මාචාර්’ය, ආනන්ද මෛත්‍රෙය වංශාපි අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්’ති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ත්‍රෛනිකායික මහානායක, අනුනායක, නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සම්භාවණීය සහභාගීත්වයෙනි.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද, මියන්මාර තානාපතිනියද එක් වූහ.

අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර මහා නිකායේ සොළොස්වන ශ්‍රීමත් මහානායක ධුරයෙන් පිදුම් ලැබීමේ සන්නස්පත්‍රය උන්වහන්සේට පූජා කළේ මියන්මාර තානාපතිනිය විසිනි.