දිවයිනේ දිස්ත්‍රික්ක 14ක නායයෑම් අවදානමක්

0
215

NEWSNOW| – මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් නායයෑම් අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ගුණතිලක සඳහන් කළේ එම දිස්ත්‍රික්කවල සිටි පුද්ගලයන් 5000ක් පමණ මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.