ජනපති ඩිජිටල් ආර්’ථික කටයුතු ඇමති ලෙස වැඩ භාර ගනී

0
142

NEWSNOW | – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්’ථික කටයුතු අමාත්‍යවරයා ලෙස ඊයේ(05) වැඩ බාර ගත්තේය.

ඒ ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේදීය.

එහිදී අමාත්‍යංශ නිලධාරීන් අමතමින් ජනපතිවරයා පැවසූයේ දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

ඩිජිටල්කරණය තුළින් ආර්’ථික කටයුතුවල කාර්’යක්ෂමතාව වැඩි කර රටේ ආර්’ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.