NEWSNOW | – 2025 වර්’ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්’යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය ආචාර්’ය හරිනි අමරසූරිය විසින් අතුරු සම්මත ගිණුම පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතවේ.
ඒ අනුව අද සහ හෙට (06) යන දෙදින තුළ ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිතය.
ලබන වර්’ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම මෙම අතුරු සම්මත ගිණුම මඟින් සිදුකරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පසුගිය නොවැම්බර් මස 25 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවුණි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
මේ අතර පසුගියදා පැවති ආපදා තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය ඊයේ (04) පස්වරුවේ පාර්’ලිමේන්තුවේ දී පැවැත්වුණි.