NEWSNOW | – එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්’ග ගැනීමට නියමිතය.
ආරක්ෂක අමාත්‍යංශය මේ වන විට තීරණය කර ඇත්තේ පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමටය.
ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි. මේ නිසා එම විශ්ලේෂණයෙන් අනතුරුව තවත් ගිනිඅවියක් නිකුත් කරන්නේද නැද්ද? යන්න අවසන් තීරණය ගැනීම ආරක්ෂක අමාත්‍යංශය සතු වේ.
සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි පිළිබද සමීක්ෂණ මේ වන විට ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුකෙරේ.
සිවිල් පුද්ගලයින් සඳහා ගිනිඅවි 1,500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර ඇතැම් පුද්ගලයින්ට එක් ගිනිඅවියකට වඩා වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවට ද තොරුතුරු අනාවරණය වී තිබේ.