NEWSNOW| – නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගතවු දින කිහිපය තුළ දිවයිනට බලපෑ මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි.
පීඩාවට පත්ව සිටින පුද්ගලයන් ගණන 463,569 කි.
මේ අතර නිකුත් කළ නායයාම් අවදානම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන අතර අදියර තුන යටතේ නිකුත් කර තිබු “ඉවත් වීමේ නායයාම් අවදානම් ප්‍රදේශ” ඉන් ඉවත් කර තිබේ.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවෙමින් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කරනු ඇති බවයි.