NEWSNOW | – අද(25) උදෑසන පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ විභාග අපේක්ෂකයින් සිව්දෙනෙක්ට විභාග මධ්‍යස්ථාන වෙත යෑමට නොහැකි තත්ත්වයක් මතු විය.
ඒ අනුව වහාම නාවික හමුදා හා යුද හමුදාව ක්‍රියාත්මක වී එම සිසුන්ව විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව ද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් 177 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කේෂණික දුරකථන අංකයට කතා කළ හැකි බවත්, ඒ වගේම විභාග දෙපාර්’තමේන්තුවේ 1911 අමතා යම් ගැටලුවක් ඇත්නම් නිරාකරණය කර ගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මේ අතර විභාගය සම්බන්ධයෙන් යම් උපදෙසක් ලබාගැනීමට අවශ්‍ය නම් පාසල් විභාග සංවිධාන ශාඛාවට 0112 785 922 / 0112 784 537 යන අංක ඔස්සේ කතා කළ හැකි බව ද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.