2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඇරඹේ

0
113

NEWSNOW| – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වේ.

ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි.

මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැදුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර දැනුම් දෙයි.

විභාගයට මුහුණ දීමට ප්‍රථම ප්‍රවේශ පත්‍රයේ සඳහන් අපේක්ෂකයාගේ අත්සන සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.