ගංවතුර අවදානමක් ගැන වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව අනතුරු අඟවයි

0
218

NEWSNOW| –  මේ නව විට බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්’ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්’ධනයත් හේතුවෙන් වාරිමාර්’ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කර තිබේ.

කාලගුණ අංශ මේ වනවිට පුරෝකථන කර ඇති අනතුරු ඇඟවීම් අනුව දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් තුළ අධික වර්ෂාපතනයක් ඇතිවිය හැක.

එම තත්ත්වය සහ එම ප්‍රදේශවල ජලාශ සහ ගංඟාවන්හි හැසිරීම් රටාව හා පසුගිය අත්දැකීම් අනුව හෙට (25) සිට එළැඹෙන 28 දක්වා වූ කාලය තුළ පහතින් නම්කර ඇති ගංගා ද්‍රෝණිවලට යම් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව දැනුම් දෙයි.

මේ නිසා එම ගංගා ද්‍රෝණිවල ගංවතුර නිම්නවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බව දැනුම් දෙයි.

එම ගංඟා ද්‍රෝණි නම්,

1. මල්වතු ඔය ද්‍රෝණිය
2. කලා ඔය ද්‍රෝණිය
3. කනගරායන් ආරු ද්‍රෝණිය
4. පරංගි ආරු ද්‍රෝණිය
5. මා ඔය ද්‍රෝණිය
6. යාන් ඔය ද්‍රෝණිය
7. මහවැලි ගඟ ද්‍රෝණිය
8. මාදුරු ඔය ද්‍රෝණිය
9. මුන්දෙනිආරු ද්‍රෝණිය
10. ගල්ඔය ද්‍රෝණිය
11, හැඩඔය ද්‍රෝණිය
12. විල ඔය ද්‍රෝණිය