උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වල විශේෂ ධූමායන වැඩසටහනක්

0
65

NEWSNOW| – මෙවර අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු විභාග අපේක්ෂකයන්ට දැනුම්දී ඇත්තේ මදුරු විකර්ශකයක් ගල්වා විභාගයට පැමිණීම ඉතාමත් සුදුසු බවයි.

මේ අතර විවිධ ආපදා හේතුවෙන් උසස් පෙළ විභාගයට ඇති විය හැකි බාධා මගහරවා ගැනීම සඳහා අදාළ අංශ වෙත මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උසස් පෙළ විභාගය අනිද්දා ආරම්භ වන අතර දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 333,185ක් වන අතර විභාග මධ්‍යස්ථාන 2,312කදී එය ක්‍රියාත්මක වේ.