IMF නියෝජිතයින් සමඟ අදත් සාකච්ඡා

0
34

NEWSNOW| –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට සූදානම්ව සිටියි.

මෙහිදී තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් දැනුම් දෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණ.

එම සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී විය.

එදින දෙපාර්ශවය අතර සාකච්ඡාව සාර්ථකව අවසන් වී තිබේ.