NEWSNOW| – සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධව අද දිනයේ අවසන් තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව එම තීරණය අද (22) දිනයේ ප්‍රකාශ කිරීමට නියමිතය.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද දින රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බවය.
සමගි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමිවු අතර මේ වනවිටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම්දී තිබේ.
ඒ අනුව ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා වන නම් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
එසේම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එරාවූර් නගර සභාවේ හිටපු සභාපති එම්. එස්. නලීම් මහතාව පත් කර තිබේ.