‘සඳ දෙකඩ සඳ’ ග්‍රන්ථය මෙරට ප්‍රධාන පෙළේ ආගමික නායකයින් කිහිපදෙනෙකු වෙත ප්‍රදානය කරයි

0
401
NEWSNOW | – පහන ප්‍රකාශකයින් විසින් සිංහල බසට පරිවර්’තනය කරන ලද ‘සඳ දෙකඩ සඳ’ ග්‍රන්ථය මෙරට ප්‍රධාන පෙළේ ආගමික නායකයින් කිහිපදෙනෙකු වෙත ප්‍රදානය කෙරුණි.
ඒ පහන මීඩියා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ අබ්දුල් මුජීබ් මවුලවිතුමා විසින් ඊයේ(19) දිනයේ වැල්ලවත්ත මෙතෝදිස්ත ශාලාවේ ආගමික සංහිඳියාව වෙනුවෙන් පැවති වැඩසටහනේදීය.
මෙහිදී ධර්’ම ශක්ති සංවිධානයේ සම සභාපති පූජ්‍ය මාදම්පාගම අස්සජි මහ නාහිමියන් වෙත සඳ දෙකඩ සඳ ග්‍රන්ථය පළමුවෙන් ප්‍රධානය කරන ලදී.

ඉන් අනතුරුව ධර්’ම ශක්ති සංවිධානයේ ලේකම් අනුර පෙරේරා පියතුමා වෙතත් ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ විශ්‍රාමික රදගුරු ආසිරි පී. පෙරේරා පියතුමා වෙතද එම ග්‍රන්ථය පිරිනමනු ලැබීය.

මුහම්මද් නබිතුමාගේ ජීවිත කතාව අලලා ඉංග්‍රීසි බසින් රචිත ‘When the Moon split’ නමැති ග්‍රන්ථය පහන මීඩියා පුද්ගලික සමාගමට අයත් පහන ප්‍රකාශකයින්, සමන් පුෂ්පලියනගේ මහතා අතින් සිංහල බසට පරිවර්’ථනය කර 2022 වසරේ ඔක්තෝබර් මස එළි දක්වන ලදී.