NEWSNOW | – ආගමික නිදහස සහ එහි නෛතික පසුබිම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වල්ලවත්ත මෙතෝදිස්ත රැස්වීම් ශාලාවේදී පැවැත් වුණි.
ඒ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ මෙහෙය වීමෙනි.මෙහිදී ජාතික සාම මණ්ඩලයේ සභාපති ජෙහාන් පෙරේරා මහතාද අදහස් පල කළේය.
මෙහි ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ නීතිඥ ජගත් ලියනාරච්චි මහතා විසිනි.
ඊට සහභාගී වූ විවිධ ආගමික නායකයින්ගෙන් සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ඇති ගැටළු විමසමින් ඒවාට පිළිතුරු ලබා දෙමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකරමින් බෙහෙන්ම සාර්’ථක වැඩසටහනක් එදින පවත්වනු ලැබීය.