ඊශ්‍රායල් රට අනුමැත කරන්නෙම නැහැ – මැලේසියානු අගමැති කියයි

0
37
NEWSNOW | – පලස්තීන ජනතාවගේ සටන වෙනුවෙන් උදව් උපකාර කිරීමේ තමන්ගේ ස්ථාවරය වෙනස් නොවන බව මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ “ඊශ්‍රායලය ගසාවේ සමුල ඝාතන සිදුකරමින් සිටීයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලය පලවා හැරිය යුතුමයි. බයිඩන් ජනාධිපතිවරයාව සිටින විට ඔහුගේ විදේශ අමාත්‍යවරයා සමගත් අපගේ ස්ථාවරය අපි පැහැදිලිව පවසා තිබෙනවා. ජාත්‍යන්තර අධිකරණයට පවා ඊශ්‍රායලය කරන මේ අපරාධවලට විරුද්ධව විභාගයක් කළ යුතුයි කියන ඉල්ලීම අප කරලා තිබෙනවා.”
“ඊශ්‍රායලය කියන රට පිළිගන්නා ලෙස අපට බලපෑම් එල්ල වෙනවා.නමුත් අප ඒ බලපෑම් සලකන්නේ නැහැ.අප එම රට පිළිගන්න සුදානමක්ද නැහැ”. යනුවෙන් අගමැතිවරයා වැඩිදුරත් පවසා ඇත.