පළමුවරට කැබිනට්ටුව තුළ මුස්ලිම් නියෝජනයක් නොමැතිවීම ගැන සමාජයේ කතාබහක්

0
168
NEWSNOW | – ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්’ලි මේන්තුව සඳහා වූ කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. අමාත්‍යාංශ 42ක් සඳහා අමාත්‍යවරුන් 21 දෙනෙකු අද දිවුරුම් දීම සිදු කෙරුණි.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි 25 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයකින් ආණ්ඩුව පාලනය වන අතර තවත් 4 දෙනෙකු කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිතයි.
වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා සිංහල දෙමළ මුස්ලිම් යන මෙරට සියළු ජාතීන් දැක්වූවත් මුල් වරට මෙවර පත්වූ කැබිනට්ටුවේ කිසිදු මුස්ලිම් ජාතිකයෙකු ඇතුළත් නොවීම සමාජයේ දැන් කතා බහ වෙමින් තිබේ. ඉදිරියේදී පත්වීමට නියමිත හතර දෙනා අතර හෝ කිසිදු මුස්ලිම් ජාතිකයෙකු නොමැති බව newsnow විසින් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය විය.
මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදය පතුරවමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂගේ කැබිනට් මණ්ඩලයේ පවා නීතිඥ අලි සබ්රිට ඇමතිකමක් හිමිවිය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව තමාට ඡන්දය නොදුන් බවයි.
මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව නොසලකා හරින ලද පළමු අමාත්‍ය මණ්ඩලය ලෙස සැලකෙන්නේ ජනාධිපති අනුර කුමාර පත් කළ කැබිනට් මණ්ඩලයයි. මෙවර කැබිනට් මණ්ඩලයේ කඳුකරය නියෝජනය කර පාර්’ලිමේන්තුවට තේරී පත් වූ රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ධීවර, ජල විද්‍යා හා ධීවර අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයේ සිටී.