පාර්’ලිමේන්තු නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි අද සිට

0
44

NEWSNOW| –  10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ඇරඹේ.

ඒ ඒ දිස්ත්‍රික්කවලින් ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඊයේ (17) ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව අද සිට ලබන 20 වැනිදා දක්වා එම ලියාපදිංචි සිදු කිරීමට නියමිත බව පාර්’ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන්ද ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇත.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණ කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස අදාළ පක්ෂ වෙත දැනුම්දී ඇති බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේය.

ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම නාම ලේඛණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට ද නියමිතය.