NEWSNOW | – පුර්’ව මැතිවරණ සමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් 26ක්, දිගු කාලීන නිරීක්ෂකයින් 160 ක් යොදවා පුර්’ව මැතිවරණ සමයේදී නිරීක්‍ෂණ කටයුතු සිදු කළේය. මැතිවරණ ප්‍රචාර වියදම් නියාමනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 3ක(යාපනය, මඩකලපුව, අනුරාධපුරය) නිරීක්‍ෂකයින් 23 දෙනෙකු යෙදවා එක් එක් අපේක්‍ෂකයා වියදම් කරන ආකාරය නිරීක්‍ෂණය කළ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පවසයි.
මැතිවරණ සමයේ මේ දක්වා කාලසීමාව තුළ පැමිණිලි 847ක් කැෆේ සංවිධානයට වාර්’තා වී ඇත. ඉන් වැඩිපුරම වාර්’තා වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි බව අධ්‍යක්‍ෂවරයා කියයි. ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳවත් සුළු පැමිණිලි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ජනාධිපතිවරණ සමයේදී සාමකාමී මැතිවරණ පරිසරයක් තිබුණද මෙවර පාර්’ලිමේන්තු මැතිවරණයේදී ඇතැම් ප්‍රදේශ වලින් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි කිහිපයක් වාර්’තා වී ඇත.
මේ නිසා ඔවුන් සියළු දේශපාලන පක්‍ෂ වලින් ඉල්ලා සිටින්නේ මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමේදී ප්‍රචණ්ඩතත්වයෙන් තොර මැතිවරණයක් වීම ඉතා වැදගත් වන බවත් ඒ නිසා සියළු දේශපාලන පක්‍ෂ වලින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා ඉල්ලා සිටින්නේ මහ මැතිවරණය නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලෙස පැවැත්වීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසයි.