මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයින් අවසන්

0
296

NEWSNOW | – පාර්’ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව අද(11) මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වේ.

එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.

මේ අතර අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්’යාල ඉවත් කර ගැනීම සඳහා හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.