3% සිටි ජාතික ජනබල වේගයේ නැගිටීම

0
168

NEWSNOW | –

පිටපත : එම්.එල්. එම්. මන්සූර්

සිංහල පරිවර්’තනය: මොහොමඩ් සලීම්

( ශ්‍රී ලංකාවේ පවතින වර්’තමාන දේශපාලන තත්ත්වය හා එහි අඩංගු කරුණු පිළිබඳව ඉතා මධ්‍යස්ථව විමසා බැලුණු දමිළ ලිපියකි. මෙය සිංහල පාටකයින්ගේ දැන ගැනීම සඳහා අප වෙබ් අඩවියේ පල කරන ලදී)

බලයේ පැවති රජය හෝ ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කිරීම යනු දකුණු ආසියාතික රටවල මැතිවරණවලදී පොදුවේ නිරීක්ෂණයක් වන ප්‍රවණතාවයකි. පසුගිය සැප්තැම්බර් 21 වැනිදා අප රටේ පැවැති ජනාධිපතිවරණයේ දී මෙම සාධකය එයට මඳක් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වූ බව පෙනී යයි. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති පෙර නොවූ විරූ ආර්’ථික හා සමාජීය අර්’බුදයට 1948 නිදහසින් පසු පත් වු සියලු ආණ්ඩු වගකිව යුතුය යැයිද එනිසා එම ආණ්ඩු පිහිටවු සියලු පක්‍ෂ ජනතාව ප්‍රතික්ෂේප කළ යුතුය යැයිද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපතිවරණයට පෙනී සිටි අනුර කුමාර දිසානායක ප්‍රධාන වශයෙන් සිංහල සමාජ මාධ්‍යවල සහාය සහිතව දීපව්‍යාප්ත ප්‍රචාරණයක් දියත් කර එමගින් සැලකිය යුතු ජයක් අත් කර ගත්තේය.

වසර 40 කට ආසන්න කාලයක් පැවති මැතිවරණවලින් 5% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ජාතික ජන බලය නමින් පක්ෂ 21 ක් සහ සිවිල් සංවිධාන කිහිපයක් පසුබිම සහිතව තරග කර 42 % ක ප්‍රතිශතයක් අත් කර ගෙන ජය ගන්නට සමත් විය.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබල වේගය ලබා ගත් මෙම ජය නිදහසින් පසු ශ්‍රී ලාංකීය දේශපාලනයේ දැවැන්ත වෙනසක් පිලිබිඹු කරන්නක් සේම විශේෂයෙන්ම සිංහල මධ්‍යම පන්තිය විසින් පෝෂණය කරන ලද සමාජ විද්‍යාත්මක ආශ්චර්’යයක් ලෙසින්ද විග්‍රහ කළ හැකිය. මෙහි තවත් විශේෂයක් වන්නේ අනුර දිසානායකගේ ජයග්‍රහණය යතාර්’ථයක් බවට පත්ව තිබු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ මැතිවරණ උපායක් සිංහල ජාතිකවාදය දැඩි පසුබෑමකට ලක්ව ඇති වටපිටාවකය.

2022 වසරෙහි ශ්‍රී ලංකාව දැවැන්ත ආර්’ථික අර්’බුදයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැති වී රට බංකොලොත් භාවයටද පත් විය. මේ අනුව දැඩි ලෙස කළකිරි කොළඹ ගාලු මුවදොර අරගලය’ නමින් ප්‍රකට වු දැවැන්ත උද්ඝෝෂණයට එක් වු දස දහස් සංඛ්‍යාත ලාංකිකයන් නැඟූ මූලික සටන් පාඨය වුයේ තමන්ට ‘ සිස්ටම් චේන්ජ් ‘ එකක් අවශ්‍ය බවයි.

මෙම ‘ සිස්ටම් චේන්ජ් ‘ එක හෙවත් පවතින ජරාජීර්’ණ පාලන ක්‍රමය එහෙම පිටින්ම වෙනස් කළ යුතුය යැයි එක් හඬින් නගන ලද බලකිරීම යටතේ පුළුල් පරාසයක කරුණු ඇතුලත් විය. 2005 -2014 රාජපක්ෂ ආණ්ඩු සමයෙහි හිනි පෙත්තටම ගිය දූෂණය, හොරකම, අල්ලස, දූෂණය, කෝටි ගණන්වලට සිදු කරන පක්‍ෂ මාරුව, ප්‍රකෝටි ගණන් මුදල් අයතා ලෙස ඉපැයිය හැකි අමාත්‍යාංශ තමන් අතරේ බෙදි ගැනීම, ජාතික ලැයිස්තුවෙන් පාර්’ලිමේන්තුවට පස්ස දොරින් ඇතුල් වන ක්‍රමය, බඩ ගෝස්තරය සඳහා ඇතැම් භික්ෂුන් ජාතිවාදය සහ කල්ලිවාදය අවුස්සා රටේ සාමය කඩාකප්පල් කිරීම යන සියල්ල මෙරටින් තුරන් කළ යුතුය යනු ඉන් සමහරකි.

ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ප්‍රථම ජනතා නැගිටීම හෙවත් අරගලය’ 2022 අප්‍රේල් මස ආරම්භ වී මාස තුනක් යන්නට පෙරම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සමස්ත රාජපක්ෂ ආණ්ඩුවම පළවා හරින්නට ජනතාව සමත් වුහ.

පසුව රාජපක්ෂවරුන් විසින් ප්‍රජාතාන්ත්‍රික උප්පරවැට්ටියක් මගින් තමන්ට පිහිට වනු ඇති රනිල් වික්‍රමසිංහව තාවකාලිකව ජනාධිපති බවට පත් කර ගන්නා ලදි. මෙහි තිබුනු හාස්‍යය නම් වික්‍රමසිංහ එවකට පාර්’ලිමේන්තුවේ සිටි ඔහුගේ පක්‍ෂයෙන් යාන්තම් ජය ගත් එකම මන්ත්‍රීවරයා වීමයි.

අරගලය සහ එහි ප්‍රතිඵලය ගැන අදහස් දැක්වු දේශපාලන විශ්ලේෂකයෙකු ඓතිහාසික මහජන නැගිටීම යුගයකට නිමාවක් ගෙනා නමුත් අවාසනාවන්ත ලෙස නව යුගයක් උදාවීමට පෙරම එම නැගිටීම අවසන් විය’ යැයි පැවසීය.

නමුත් ජනාධිපතරණය ප්‍රතිඵල ලෙදස බලන කල රටේ වාසනාවකට එම මහජන නැගිටීම නිමා වු බවක් නොපෙනේ.

‘මුං ඔක්කොම හොරු’ යනු අරගලයේ පැවති තවත් ඝෝෂාවක් විය. ජාතික ජනබලවේගයද මෙම මතය තම ජනාධිපතිවරණ සටන් පාඨයක් කරගනිමින් එය සාර්’ථක ලෙස සමාජගත කළේය. එය අතිශය සාර්’ථක වු බව ජනාධිපතිවරණයට පෙරම අනුරගේ නම දනන් තුඩ පැවතීමෙන් සනාථ විය.

අරගලයෙන් පසු නිදහසින් පසුව වන ඉතිහාසය නැවත සමාලෝචනය කළ යුතුය යන ආවේගයක් සිංහළ ජනකොටස අතර ඇති වුනු බවක් දැකිය හැකි විය. 1956 සිංහල භාෂා පනත, 1981 යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීම, 1983 ජූලි කෝලාහලය ආදිය මෙතෙක් මහජන අවකාශයේ කතාබහට ලක් නොවූ, 20 වැනි සියවසේ ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙනස් කළ වැදගත් ඛේදජනක සිදුවීම් විය. ජාතික ජන බලවේගය නියෝජනය කරන දේශපාලකයින් සහ දස දහස් ගණනින් වු යුටියුබ් ප්‍රේක්‍ෂකයන් එම ඓතිහාසික වැරදි ගැන සිය පසුතැවිල්ල ප්‍රකාශ කරන්නට වුහ. තවද එම අවාසනාවන්ත සිදුවීම් 20 වැනි සියවසේ ශ්‍රී ලාංකේය ඉතිහාසය කඳුළින් හා ලෙයින් ලියැවිය යුතු ඛේජනක සිදුවීම් ලෙසින්ද වර්’ණනා කරන ලදි.

එමෙන්ම, 2014, 2018 සහ 2019 වසරවල මුස්ලිම්වරුන්ට එරෙහි මුදාහරින ලද වාර්’ගික ප්‍රචණ්ඩත්වය ගැන සහ දේශපාලන වාසි තකා ඒවා පිටුපසින් සිට මෙහෙයවුවන් ගැනද ජනයා එළිපිටම කථා කරන්නට වුහ. මේ අනුව ඔඩු දුව ගිය රටේ සමස්ත දේශපාලන සංස්කෘතියම වෙනස් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් තිබෙන අතර අනෙක් අතට, ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ නොසන්සුන්තාවයට තුඩු දුන් ඓතිහාසික වැරදි නිවැරදි කරමින් ජාතියක් ලෙසින් ආගම් හා වාර්’ගික භේද දුරලා ජනාධිපතිවරණයට මුහුණ දීමට සිංහල ජනතාව ඇතුලු සියලුම ජනකොටස් මනෝමුල වශයෙන් එක්සිත්ව සූදානම්ව සිටියහ.

දමිළ බහුතරයක් ඇති උතුරු-නැගෙනහිර පළාත්වල සහ කඳුකර දෙමළ ජනතාව බහුල ප්‍රදේශවල අනුර කුමාර දිසානායකට ඡන්ද වැඩි ප්‍රමාණයක් නොලැබුනු නමුත් මුස්ලිම් ජනතාව ඔහුට සැලකිය යුතු ප්‍රමාණයකින් ඡන්දය ප්‍රකාශ කළහ. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ප්‍රජාව සමුහයක් ලෙසින් කොන් කරන ලද අතර රාජ්‍ය යාන්ත්‍රණයේද සෘජු මෙන්ම වක්‍ර මර්දනයට ලක් වුහ. මේ අනුව 1948 සිට තමන් සහයෝගය ලබා දුන් ප්‍රධාන ධාරාවේ සිංහල පක්ෂ කිසිවක් තමන් ගැන සැලකිලිමත් නොවීම පිළිබඳ මුස්ලිම් ප්‍රජාවට විශාල කළකිරීමක් ඇතිව තිබුණි. ඇතැම් විට මෙවර අනුරට මුස්ලිම් ප්‍රජාව විසින් සහය දක්වන ලද්දේ එම කළකිරීමේ දෝංකාරයක් ලෙසින්ද වන්නට පුළුවන. එමෙන්ම ජාතිවාදය සහ ආගම්වාදය හෙළා දකිමින් අනුර සිදු කළ දෙසුම් නිසාද ඔහු කරා මුස්ලිම් ජනවතාව ආකර්ශනය වන්නට ඇත.

Anura Kumara Dissanayake on LinkedIn: Honored to join a meeting with the Muslim community in Thihariya yesterday…
මෙවර මැතිවරණ ප්‍රචාරන සමයෙහි වමේ මෙන්ම දකුණේ ප්‍රමුඛ පෙළේ දේශපාලන විශ්ලේෂකයින් සියල්ලෝම පොදුවේ එකඟ වූ එක් කරුණක් වූයේ මෙම ජනධිපතිවරණය ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක එකක් වනු ඇති බවයි. මාධ්‍යයද මෙය අවධාරණය කිරමින් සිටියේය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදුවන මේ නිහඬ විප්ලවයට තුඩු දුන් සංකීර්’ණ සමාජ, ආර්’ථික, සංස්කෘතික සාධක දෙස බැලීමට පෙර අනුර දිසානායක නියෝජනය කරන ජාතික ජනබලවේගයේ මවු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය මෙන්ම එම ආන්දෝලනාත්මක පක්‍ෂය ගතවුනු වසර හැකට පමණ කාලයක් තුල ලංකා දේශපාලනයට සහ ජන සමාජයට ඇති කළ බලපෑම ගැන කෙටියෙන් හෝ දැන ගැනීම වැදගත්ය.

Anura Kumara Dissanayake on X: "Yesterday (26th), I attended the 'Muslim Brotherhood Meeting' held at The Taprobane Entertainment Hall in Colombo. Your presence and support for the 2024 presidential election, which will

ශ්‍රී ලංකාවේ පොදු ජනයා අතර ජේවීපි යැයි ප්‍රචලිත ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකයා වුයේ රෝහණ විජේවීරයි. 1943 වසරෙහි උපන් ඔහු 1989 ඝාතණය විය. එයට පෙර එන්. ෂන්මුහදාසන් නම් වන යාපන දමිළ ජාතිකයා නායකත්වය දැරූ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්ව ඔහු සිටියේය. 1960 දශකයේ මැද භාගයේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ලුලුම්බා විශ්වවිද්‍යාලයට ගිය විජේවීර අධ්‍යාපනය අවසන් නොකර නැවත ලංකාවට පැමිණියේය. පසුව ඔහු ෂන්මුහදාසන්ගේ පක්ෂයෙන් ඉවත් වී ගොස් සිංහල තරුණයන් කිහිප දෙනෙකු සමඟ එක්වි ජනතා විමුක්ති පෙරමුණ’ නමින් නව පක්ෂයක් ආරම්භ කළේය. මෙයට එක් හේතුවක් වුයේ දමිළ නායකයෙකු යටතේ සිංහළ තරුණ තරුණියන් පෙළ ගැස්වීම ප්‍රායෝගික නොවන බව ඔහු සිතූ නිසාය.

ඒ අනවු විජේවීර සිය අභිනව පක්‍ෂය සිංහල ජාතිකවාදී නැඹුරුවක් සහිතව ගොඩනැගුවේය. දකුණු ආසියාවේ ඉන්දියානු ව්‍යාප්තවාදයට දැඩි විරෝධයක් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ මූලික සටන් පාඨයක් විය. පක්ෂයට අලු‍තින් එක්වන්නන් සඳහා පවත්වනු ලබන පුහුණු කඳවුරුවල පස්වැනි පාඨමාලාවට ඇතුළත් වූයේ ඉන්දියානු ව්‍යාප්තවාදය’ යන මාතෘකාවේ යටතේ වු දේශනයි.

1935 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ පළමු වාමාංශික (ට්‍රොට්ස්කිවාදී) ලංකා සමසමාජ පක්ෂය සහ 1943 දී පිහිටුවන ලද (ස්ටැලින්වාදී) කොමියුනිස්ට් පක්ෂය වැනි සම්ප්‍රදායික වාමාංශික පක්ෂ බොහෝ විට ධනපති පක්ෂ සමඟ සන්ධානගතව කටයුතු කළ නිසා විජේවීර එම පක්‍ෂ දුටුවේ තම සගයන් මෙන් නොව පාවා දෙන සතුරන් ලෙසිනි.

පසුව 1971 මාර්’තු මස රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවල යෙදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද විජේවීරව යාපනය බන්ධනාගාරයේ සිරගත කරන ලදී. වහාම ක්‍රියාත්මක වු ඔහුගේ පක්‍ෂයේ තරුණයන් කැරලි ගසමින් දිවයින පුරා තිබුනු පොලිස් ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රාහර එල්ල කළා පමණක් නොව ඇතැම් ප්‍රදේශ ටික දිනක් තම පාලනය යටතේ තබා ගන්නටද සමත් වුහ. පසුව එවකට සිටි අගමැතිනි ශ්‍රීමා බණ්ඩාරනායකගේ රජය විසින් එම රජය සමග සන්ධානගතව සිටි සාම්ප්‍රදායික සමාජවාදී පක්‍ෂවලද සහය සහිතව එම කැරැල්ල දරුණු හමුදාමය පියවර මගින් මර්දනය කරන ලදි. මෙවිට තරුණ තරුණියන් පන්දහසක් පමණ ඝාතනය වු අතර අත් අඩංගුවට ගත් විශාල සංඛ්‍යාවක් පුනරුත්තාපනයට යොමු කරන ලදි.

1971 සහ පසුව 1987-89 කැරළිවල යෙදුනු සිංහල තරුණ තරුණියන් අති බහුතරයක් පහත් යැයි සම්මත කුලවලට අයත් වුවන් බව මෙහි වෙසෙසින් සඳහන් කළ යුතුය.

පසුව රෝහණ විජේවීර සහ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ වැනි ප්‍රකට නායකයින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම’ නමින් විශේෂයෙන් පිහිටුවන ලද විශේෂ අධිකරණයක් විසින් විභාග කරනු ලදුව සිර දඬුවම් නියම කරන ලදී. මෙම අධිකරණය යටතේ ජවිපෙ කැරලිකරුවන් පමණක් නොව විදේශ විනිම වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුද සිරගත වුහ.

මේ අතර පැවති මහ මැතිවරණයෙන් ධනවාදි එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව ජයග්‍රහණය කළේය. විදේශ විනිමය වංචා කිරීමේ චෝදනාව මත සිරගත කර සිටින තම ආධාරකරුවන් වූ ධනවත් වෙළඳුන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට එජාපයේ නායක ජේ. ආර්. ජයවර්’ධනට අවශ්‍ය විය. මේ සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනතද අහෝසි කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිතැතින්ම විජේවීර ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීන් සියලු‍ දෙනාම නිදහස් වුහ.

1977 අග භාගයේදී ශ්‍රී ලංකාව ආර්’ථික ලිහිල්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමඟ බාහිර වාණිජ ලෝකයට සිරිලක විවෘත විය. දකුණු ආසියාවේ මෙවැනි වැඩපිළිවෙලක් ආරම්භ කළ පළමු රට ශ්‍රී ලංකාවයි.

මේ අනුව වාමාංශික පක්ෂවල දිගු ඉතිහාසයක් ඇති රටක් වු ශ්‍රී ලංකාවෙහි – සම්ප්‍රදායික වාමාංශික පක්ෂ බොහෝ දුරට දුර්වල වූ තත්වයක – පූර්ණ ධනවාදී ආර්’ථික ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. 1978 දී ජේ.ආර් ව්‍යවස්ථාව වෙනස් කර විධායක ජනාධිපති ක්‍රමය හඳන්වා දෙමින් සිරිලක පළමු සර්වබලධාරී’ විධායක ජනාධිපති බවට පත් විය. ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් සිටින බොහෝ අර්’බුදවල විෂබීජ වපුරනු ලැබුවේ ජේ.ආර් පසුව දශක දහයක් පමණ ගෙන ගිය අත්තනෝමතික පාලන සමයෙහිය කීවොත් එය නිවැරදිය.

කෙසේ වෙයතත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ප්‍රතික්‍ෂේප කරනු ලැබු විට හෝ වෘත්තීය සමිති මර්’දනය කරනු ලැබු විට ජවිපෙ නායකයෝ ඒවාට එරෙහිව නිශ්චිත විරෝධතා කිසිවක් මෙහෙයවූයේ නැත. වාමාංශික වෘත්තීය සමිති විසින් 1980 ජූලි මස රාජ්‍ය අංශයේ දැවැන්ත වැඩවර්ජනයක් දියත් කළ විට එය ජේ.ආර් යකඩ හස්තයකින් කුරිරු ලෙස මර්දනය කළේය. ඒ අනුව රජයේ සේවකයන් දස දහස් ගණනකට රැකියා අහිමි විය. ඒ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ සිටියේ අක්‍රීය ප්‍රේක්ෂකයෙකු ලෙසින් පමණි. එවිට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වෙනුවට ජවිපෙ සම්පූර්ණයෙන්ම අවධානය යොමු කළේ තම පක්ෂ ව්‍යුහය ශක්තිමත් කිරීම කෙරෙහිය.

පසුව 1982 පැවති පළමු ජනාධිපතිවරණයට ජවිපෙ වෙනුවෙන් රෝහණ විජේවීර ඉදිරිපත් වු අතර ඔහු එවිට ලැබුවේ 5 % කට අඩු ඡන්ද ප්‍රතිශතයකි. එම ජනාධිපතිවරණයෙන් ජේ.ආර්. ජය ගත්තේය. පසුව 1983 ජූලි මස දමිළ ජනයාට එරෙහිව ඇවිලුනු ප්‍රචණ්ඩ කෝලාහල සමයෙහි ජවිපේ ඇතුලු වාමාංශික පක්‍ෂ කිහිපයක් තහනම් කරන්නට ජේ .ආර්. පියවර ගත්තේය. ජවිපෙ පක්‍ෂයේ මුල් පෙළේ සාමාජිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තද විජේවීර ඇතුලු ඔහුගේ සමීප සගයන් කිහිප දෙනෙකුම සැඟවුනෝය. ජුලි ප්‍රචණ්ඩත්වය මුදා හරින ලද්දේ සම්පූර්’ණයෙන්ම ආණ්ඩු පක්‍ෂයේ මැරයන් විසින් වුවද එයට එරෙහිව ජාත්‍යන්තරයෙන් පවා දෝෂාරෝපණ නැගෙන්නට වු විට එම ප්‍රචණ්ඩ රැල්ල වාමාංශික පක්‍ෂවල ගිණුමට බැර කරන්නට ජේ.ආර් රජය කටයුතු කළේය.

පසුව බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය විසින් 1983 සිට 1989 දක්වා දියක් කළ ආරක්‍ෂක අංශ මෙහෙයුම්වලින් ජවිපෙ සහමුලින්ම විනාශ කරන්නට කටයුතු කරන ලද අතර එවිට විජේවීර ඇතුළු එහි මුල් පෙළේ නායකයින් ගතකළේ සැඟවුණු රහසිගත ජීවිතයකි. 1987 ඉන්දු – ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කරන විට ජනතා විමුක්ති පෙරමුණේ සාමජිකයන් රට පුරා මිනිස් ඝාතන සිදු කරමින් රාජ්‍ය දේපළද විනාශ කළහ. මෙවන් තත්වයක ජේ.ආර්-රජීව් ගාන්ධි ගිවිසුමට අත්සන් කරන ලද්දේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමිනි.

ගිවිසුම අත්සන් කිරීම සඳහා ලංකාවට පැමිණි රජීව් ගාන්ධිට නාවික හමුදා ආචාර දක්වමින් සිටි විට හදිසියේ සොල්දාදුවෙකු ඔහුට පහර දීමට තැත් කළ අතර එම සොල්දාදුවා ජවිපෙ සාමාජිකයකු බව පසුව හෙළි විය.

1987-89 ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ඉන්දියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල් හිමියන්ට පවා මරණීය තර්ජන හා ප්‍රහාර එල්ල වෙමින් ඉන්දීය විරෝධී ප්‍රවණතාවය උච්චතම අවස්ථාවට පැමිණියේය. 1989 නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී ආරක්‍ෂක හමුදා මෙහෙයුම් මගින් විජේවීර ඇතුලපු ප්‍රධාන ජවිපෙ නායකයින් සැගවී සිටි තැන්වලින් සොයා අත්අඩංගුවට ගෙන සහ ඝාතණය කර දැමීමෙන් පසු ජවිපෛ දේශපාලන ව්‍යාපාරයක් ලෙස සම්පූර්ණයෙන්ම අඩපණ විය. මෙම දෙවන කැරැල්ලේදී 60,000ක් පමණ තරුණ තරුණියන් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

එහෙත්, පසු කාලීනව ඉතිරිව සිටි ජවිපෙ නායකයින් කිහිප දෙනෙකුගේ දැඩි උත්සාහය නිසා බොහෝ දෙනෙකු නොසිතු පරිදි 1990 දශකයේ මුල් භාගයේදී ජවිපෙ නැවත දළු ලන්නට විය, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකද එසේ එවකට දිවි ගලවා ගත් ජවිපේ සාමාජිකයන්ගෙන් කෙනෙකි. පසුව 1994 වසරෙහි ජනධිපතිවරණයෙන් ජය ගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනතා විමුක්ති පෙරමුණට පනවා තිබු තහනම ඉවත් කළාය. ඒ සමඟම සිය ප්‍රචණ්ඩ ගමන් මග අත්හැර ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට පිවිසි ජවිපෙ වසර 30 ක කාලයක් එහිම ස්ථිරව සිට අද ජනාධිපති පුටුවට පවා සිය වත්මන් නායකයා ඔසවා තබන්නට සමත් වී ඇත.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව මත පටවන ලද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහ ඒ හා සමගාමීව නිර්මාණය කරන ලද පළාත් සභාවලට එරෙහිව ජවිපෙ දිගින් දිගටම සිය විරෝධය ප්‍රකාශ කළේය. 2005-2009 කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයේදී මහින්ද රාජපක්ෂ රජයටද ජවිපෙ පුර්’ණ

සහය ලබා දුන්නේය. එනමුත් යුද්ධයෙන් පසු 2010 දී නැවත ජනාධිපති ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂගේ රජය සමඟ තීරණාත්මක කරුණු කිහිපයක් මත ජවිපෙ පටහැනි විය. රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණය කිරීම, කේන්ද්‍රීය හා මුලෝපාමය වැදගත්කමක් ඇති වරාය ඇතුලු එවන් ජාතික වත්කම් ඉන්දියාව, චීනය වැනි රටවලට බදු දීම වැනි ප්‍රශ්නවලදී ජවිපෙ දැඩි ලෙස රජයට විරුද්ධ විය.

2019 අප්‍රේල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව රට තුළ එවකටත් පැවති මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගත් වාර්ගික වෛරය තවදුරටත් තීව්‍ර කිරීමට දායක විය. එහි දෝංකාරයක් ලෙසින් එම වසරේම නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ලක්ෂ 69 ක් ලබා ගනිමින් ඓතිහාසික ජයක් වාර්තා කළේය. 2020 කොවිඩ් වසංගත සමයෙහිද මුස්ලිම් විරෝධී් රැල්ල නැවතක් පණ ගන්වන ලද්දේ තමන් බලයට පත් වුයේ මහාජාතියේ ඡන්ද නිසා යැයි උදම් අනමින් සිටි ගෝඨා රජයේ පුර්ණ අනුග්‍රහය සහිතවය.

වර්’ගවාදය ඇවිලවීම සදාකල් බලයේ සිටින්නට හොඳම රෙසිපිය කියා ගෝඨා රජය සිතූ නිසාදෝ ඒ කෙරෙහි වැඩි යොමුවක් ලබා දෙමින් ආර්ථිකය ගැන වැඩි අවධානයක් යොමු නොකර සිටීම නිසා 2022 වන විට රට දරුණු ආර්’ථික අහේනියකට ලක් වී ගෝඨාගේ අවිචාරවත් පාලනයේ ප්‍රතිවිපාකයක් ලෙසින් අත්‍යන්යෙහි රට බංකලොත් බව නිල වශයෙන්ම ප්‍රකාශ කරන්නට පවා සිදු විය. තෙල්, ගෑස්, ආහාර, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය දේවලට දරුණු හිගයක් ඇති වී පෝලිම්වල මිනිසුන් මැරී වැටෙන තත්වයක් උද්ගත වුවාත් සමගම තවදුරටත් ඉවසා ගත නොහැකි ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම්, භාෂා සහ ප්‍රදේශමය වෙනස්කම් දුරලා රජයට එරෙහිව වීදි බසින්නට වී එය අරගලය නමින් කොළඹ ගාලු මුවදොර දැවැන්ත උද්ඝෝෂණයක් බවට වර්’්‍ර නම් සමතල නය විය.

වසර තිහක් පමණ පැවති කොටි බෙදුම්වාදි යුද්ධය නිමා කරන්නට මාරුවෙන් මාරුවට බලයට පත් වු රජයන් සියල්ලම පාහේ වෑයම් කළද එය 2009 වසරෙහි අවසන් කරන විටි බලයේ සිටි රජපක්‍ෂවරුන්ව දැයේ මුරදේවතාවුන් ලෙස සලකන්නට මහා ජතිය පෙළඹුනෝය. එසේ වුවද රට බංකලොත් බාවයට පත් කරන ල්දේද දුෂිත රජපක්‍ෂවරුන් විසින් යැයි වටහා ගත් සමස්ත ලංකාවාසීන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස්, රජපක්‍ෂවරුන්ට කෙතරම් බුහුමනක් දැක්වුවෝද එයට වඩා දරුණු ලෙසින් ඔවුන්ව මහජනයා පිළිකුල් කරන්නට හා ශාප කරන්නට වුහ. එමෙන්ම සම්පත් පිරි සිරිලක මෙතරම් දුරට යාචක තත්වයකට පත්වී ඇත්තේ රාජපක්ෂලා නිසා පමණක් නොව 1948 සිට රට පාලනය කළ සියලු‍ම ප්‍රධනා පක්ෂ යන යතාර්ථය මිනිසුන්ට වැටහෙන්න විය. මෙම අවබෝධය 2023 සිට ප්‍රධාන පක්‍ෂ අත්හැර ජවිපෙ සමග පෙළ ගැසෙන්නට ලංකවාසීන් පෙළඹු බව පැහැදිලිවම පෙනී යන කරුණකි.

එමෙන්ම ප්‍රධාන පක්‍ෂ දෙකම විවිධ මුහුණුවර ගනිමින් ජාතිවාදය සහ ආගම්වාදය පෝෂණය කරමින් මෙතෙක් කල් තමන් ඇන්දවු ආකාරයද මහා ජාතියට පැහැදිලි වන්නට වී අරගලයෙහි සියලුම මුස්ලිම් සහ දමිළ යන ජනකොටස් ලබා දුන් සහය නිසාද පැහැදී මින්මතු ජාතිවාදය යනු අවලංගු කාසියක් ලෙස බැහැර කරන මානසිකත්වයකට මහා ජාතිය පත් විය. මේ අනුව ගෝඨා රජයේ පැවැත්ම තහවුරු කරමින් ජාතිවාදි කොන්ත්‍රාත් සිදු කරමින් සිටි ඇතැම් භික්ෂුන්ට ඔවුන්ගේිරැකියා’ අහිමි ගන්න ලාංකික ජනයාට වහ කදුරු වී ගිය නිසා පසු ගිය ජනාධිපතිවරණයට එම පවුලෙන් ඉදිරිපත් වු නාමල් රජපක්‍ෂ අන්ත පරාජයක් අත් කර ගත්තේ 3 % ක පමණ ඡන්ද ලබා ගනිමිනි.

මෙයට සමගාමීව දමිළ ජනයා අතර ජාතිකවාදය වපුරවමින් බඩ ගෝස්තර දේශපාලනයක් ගෙන යමින් සිටි දමිළ පක්‍ෂද දැඩි අර්’බුදයට ලක් වන්නට වුහ. මෙයට හේතුව අරගලයෙන් පසුව ජාතික හැගීමක් දමිළ ජනයා ඇතුලු සියලුම ලාංකිකයන්ට ඇති වෙමින් තිබීම විය හැකිය. ඒ අනුව මෙය වනාහි ජාතිවාදය ලෙළවමින් එන දේශපාලුවන්ව ජාති ආගම් භාෂා වෙනස්කම්වලින් තොරව සමස්ත ලාංකිකයන්ම ප්‍රතික්‍ෂේප කරන අසිරිමත් කාලවානුවක් යැයි විග්‍රහ කළ හැකිය. මේ අනුව පැවති ජනාධිපතිවරණය මෙන් නොව පවතින්නට නියමිත මහ මැතිවරණයෙහි උතුරු නැගෙනහිර පළාත්වල දමිළ ඡන්ද බෙහෙවින්ම ජාතික ජනබලවේගයට නැඹුරුවක් දක්වන ආකාරයෙන් හැසිරෙනු ඇත යැයි දේශපාලන විචාරකයන් බොහෝ දෙනෙකු විශ්වාසය පළ කරති.

එසේම පසුගිය වසර 35 පුරාවට නැගෙනහිර පළාතෙහි මුස්ලිම් අනන්‍යතා දේශපාලනයක නාමයන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්‍ෂ ගෙන ගිය වාර්ගික දේශපාලනය සහ එහි වංක නායකයන්වද මුස්ලිම් ඡන්ද දායකයින්ට ප්‍රතික්‍ෂේප කරමින් සිටිති. මෙම තත්වය නිසා මුස්ලිම් ජනතාව බහුලව වාසය කරන නැගෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අවම වශයෙන් දෙදෙනකු හෝ පාර්ලිමේන්තුවට තේරී පත් විය හැකිය යැයිද සමස්තයක් ලෙසින් ජාතික ජන බලවේගය ආසන 120 ක් 130 ක් පමණ අත් කර ගනු ඇත යැයිද විචාරකයන් අනුමාන කරති.

ජනතා විමුක්ති පෙරමුණ 2019 ජාතික ජන බලවේගය ලෙස යළි අවතීර්’ණ වූ විට අනිවාර්’යයෙන්ම යම් සම්මුතිවලට එළඹීමට සිදු විය. වැදගත්ම සම්මුතියක් වූයේ අඩසියවසකට ආසන්න කාලයක් එය ගෙන ගිය දරුණු ඉන්දීය විරෝධී ස්ථාවරය අත්හැරීමයි. එම ස්ථාවරයට පක්ෂව සිංහල සමුහයේ පොදු මතයද දැන් වෙනස් වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ පළමු මහලේකම්වරයා ලෙස කටයුතු කළ ලයනල් බෝපගේ 1983 දී පක්ෂය හැර ගියේ වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රෝහණ විජේවීර සමග ඇති වු මතභේද හේතුවෙනි. දැනට ඕස්ට්‍රේලියාවේ වාසය කරන 81 වියැති බෝපගේ නැවත ලංකාවට පැමිණියේ පසුගිය සැප්තැම්බර් ජනාධිපතිවරණ සමයේදීය. ඔහු සමග සංවාදයක් පැවැත්වු සිංහල යූ ටියුබ් නාළිකාවක් විසින් ඔහු අමතා, ජනවාර්’ගික ප්‍රශ්නය සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය සහ එහි ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා සම්බන්ධ ඇතැම් කරුණු මත ඇති වුණු මගභේද නිසා 1983 වසරෙහි පක්ෂයෙන් ඉවත් වූ ඔහු පසුගිය කාලයෙහි එය ගැන විfවිචනය කරමින්ද සිටි තත්වයක අද ජනතා විමුක්ති පෙරමුණේ නව මුහුණුවර වන ජාතික ජන බලවේගයට සහය දෙන අදහසින් පැමිණ සිටීම ගැන පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙයට පිළිතුරු දුන් බෝපගේ, ජනවාර්ගික ප්‍රශ්නය සහ ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම පිළිබඳ තම ස්ථාවරයේ වෙනසක් නැත යැයිද ශ්‍රී ලංකාවේ වාසය කරන සුළු ජාතින්ද ඔවුන් හිමි සාධාරණ ප්‍රජාතාන්ත්‍රික අයිතින් ලබමින් සමාන ප්‍රජාව ලෙසින් මෙහි වාසය කළ යුතුය යනු තම අපේක්‍ෂාව යැයි කීය.

2016 වසර ආරම්භයේ සිට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ආකල්පයේ ක්‍රමානුකූල වෙනසක් අපට නිරීක්ෂණය කළ හැකිය. දැනට මෙම පක්‍ෂය ස්වයං නිර්ණය යන වචනය සෘජුවම නොකීවද ලංකාවේ දමිළ ජනතාව ඇතුළු සුළුතර ප්‍රජාවන්ට ඔවුන්ට හිමි ප්‍රශ්න ඇති බව පිළි ගන්නා ජවිපෙ මේ සෑම ප්‍රශ්නයක් විෂයයෙහිම ඒවාට සුසුදු ආකරවලින් කටයුතු කළ යුතුය යන ස්ථාවරයට පැමිණ ඇත.

එමෙන්ම පසුගිය වසර 47 ක කාලයක් රට අනුගමනය කළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවල දැවැන්ත වෙනස්කම් වහා සිදු නොකිරීමේ ස්ථාවරයක්ද ජවිපේ ප්‍රදර්ශනය කරනු දැකිය හැකිය. මෙය සනාථ කරමින් රජයේ ආයතන මෙහෙයවීම සඳහා පෞද්ගලික අංශයේ පුද්ගලයන් ගණනාවක් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත. රටේ ආර්ථික මධ්‍යස්ථානය වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස උතුරු ඉන්දීය සම්භවයක් ඇති මුස්ලිම් ව්‍යාපාරිකයෙකු පත්කිරීමෙන්ද නව රජය අනුගමනය කිරීමට යන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් ඉගියක් අපට ලබා ගත හැකිය.

මෙයට හේතුව ජවිපෙ මුලිකව මාක්ස්වාදි පක්‍ෂයක් වුවද දැන් එය ගෙන ඇති නව මුහුණුවර වන ජාතික ජන බලවේගයේ සාමාජික පක්‍ෂවල 80 % ගේම ආකල්පය ලිබරල්වාදි වීම විය හැකිය.

1980 දශකයෙන් පසු උපන් පරම්පරා දෙක හැදී වැඩී ඇත්තේ ඒ ලිබරල් ආර්ථික පරිසරය තුළය. මැදපෙරදිගෙන් ඉන්ධන, ජපානයෙන් මෝටර් රථ, නවසීලන්තයෙන් කිරි පිටි, ඉන්දියාවෙන් ධාන්‍ය වර්ග සහ අනෙකුත් භාණ්ඩ, පාකිස්තානයෙන් ළුණු ආනයනය කරන ලංකාව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ආනයන ආර්ථිකයක් මත නිසා මෙම පසුගිය පරම්පරා මෙම ක්‍රමවේදයට දිගු කලක සිට හුරු වී සිටිති.

සිරිලක මෙතෙක් නොදුටු විරූ ආකාරයෙන් අරගලයක් පිපිරුනේ එම සුවපහසු ජීවන රටාවට රාජපක්‍ෂවරුන්ගේ අවිචාරවත් හා දුෂිත ක්‍රියාකලාපය නිසා තර්ජන එල්ල වු විටය. මෙම ප්‍රවණතාවය ජවිපෙ නිරීක්‍ෂණය කර ඇතුවාට සැකයක් නැත

එහෙයින් අනුර කුමාර දිසානායකට ඡන්දය දුන් සියල්ලෝම මාක්ස්වාදීන් නොවන බව පැහැදිලිය. 2009 දී එල්ටීටීඊය පරාජය කරන විට රට පුරා පැතිර ගිය අන්ත සිංහල ජාතිකවාදී රැල්ලම පසුව 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වෛරී රැල්ලක් බවට පත් විය. එම රැල්ලම පසුව පොදු ප්‍රශ්න වටා එක් රොක්වුනු සුළු ජාතීන්ගේද සහය සහිතව සිස්ටම් චේන්ජ්’ එකක් බල කරමින් හා අරගලය නමින් පරිවර්’තනය විය. මෙම රැළි තුනේ නිර්මාතෘවරුන් සහ පුරෝගාමීන් වූයේ ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස මතු වූ සිංහල මධ්‍යම පන්තියයි. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ගම්වලින් ජනතාව රැකියා අවස්ථා සොයා අගනුවරට සහ ඒ අවට පෙදෙස්වලට සංක්‍රමණය වු මෙම පිරිස තවමත් හදවතින් ග්‍රාමීය ආකල්ප ඇත්තන්ය.

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට දැවැන්ත සහයෝගයක් දුන් ඡන්දදායකයන්ම මෙවර අනුර කුමාරට ඡන්දය දී ඇත. හෙට දින ජවිපෙ රජයක් මහජන අපේක්‍ෂා ඉටු කිරීමට අසමත් වුවහොත් ජනතාවට තවත් රැල්ලක් නිර්මාණය කරන්නටද බැරි නැත.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් වඩාත්ම කැළඹිලිකාරී කාල පරිච්ඡේදයකය. දිළිඳු සිංහල ගොවි පවුලක 1968 උපත ලැබු අනුර කුමාර දිසානායක පාසැල් වියෙහිම වාමාංශික මතධාරි දේශපාලනයට යොමු විය. ඔහු වසර 20 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ව සිටි අතර 1990 න් පසු ජවිපෙ ප්‍රචණ්ඩ දේශපාලනය අත්හැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට සංක්‍රමණය වූ කාල පරිච්ඡේදය එම පක්‍ෂට සමග බැඳුනු සාමාජිකයෙකි. ඔහු තරුණ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළ අතර විවිධ අභියෝග ගණනාවකටම නිර්භීතව මුහුණ දුන් අත්දැකීම් සහිත කෙනෙකි. පළමු පරම්පාර ජවිපෙ නායකයෙකු වු සෝමවංශ අමරසිංහ 2014 වසරෙහි අනුර දිසානායකව පක්‍ෂයේ නායකයත්වය භාර දුන්නේය. ‘

ජීවන වියදම පහත හෙළා ජනතාවට කඩිනමින් සහන ලබා දීම පත්වන රජයේ ප්‍රධනා යොමුව විය යුතුය. එසේම තවත් විශාලතම අභියෝගයක් වනු ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමය. සිංහල සමාජ මාධ්‍ය විසින් මුදා හරින ලද දරුණු ප්‍රහාර හේතුවෙන් දැනට සැඟවී සිටින සිංහල ජාතිකවාදී බලවේග ඕනෑම මොහොතක නව රජය විසින් කරන හෝ කරන්නට අසමත් වන දේ මුල් කර ගෙන කලබල ඇති කරන්නට මාන බලමින් සිටින බව අමතක නොකළ යුතුය.

උතුරෙහි සහ නැගෙනහිරෙහි සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජාතීන් අතර නොවිසඳුණු ගැටලු‍ රාශියක් තවමත් පවතී. උතුරේ දමිළ ජනයා අතිබහුතරයක් සිටින පෙචෙස්වල ආරක්‍ෂක අංශ යොදා ගනිමින් පන්සල් ඉදිකිරීම සහ බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම මෙන්ම එවන් පෙදෙස්වල කෘතිම ලෙසින් සිංහළ ජනාවාස පිහිටුවීම නිසා ඇති වන ජාතිවාදි නොසන්සුන්තා, පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධයෙන් බෞද්ධ-හින්දු ජනකොටස් අතර පවතින ආරවුල් ආදි ලෙසින් මෙම පළාත්වල පවතින සංවේදි ගැටළු නිමක් නැත. මේ සැම ජවිපෙ රජය විචාරවත් ලෙසින් පරිහරණය කර විසඳුම් ලබා දිය යුතුය.

අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසු ජාති ආගම් භේදයකින් තොරව සියලු‍ම ශ්‍රී ලාංකිකයන් තුළ ඇති වූ ප්‍රමෝදමත් මානසිකත්වය නොකඩවා පවතිනු ඇතිද යන්න 14 වනදා පවත්වන්නට නියමිත මහ මැතිවරණයෙන් බොහෝ විට තේරී පත්වනු ඇති ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාකාරකම් අනුව තීරණය වනු නිසැකය.