ගාසා යුධ ගැටුම් වලින් මියගිය අය ගැන අනාවරණයක්

0
56

NEWSNOW| –  ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයින් පිළිබඳ අනාවරණයක් කර තිබේ.

ඒසියයට 70ක් කාන්තාවන් සහ ළමුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පෙන්වා දෙන්නේ යුධ ගැටුම් හේතුවෙන් ගතවූ මාස 13ක කාලය තුළ ගාසා තීරයේ පුද්ගලයින් 43,300කට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

ඒ අතරින් සියයට 44ක් ළමුන් වන අතර සියයට 26ක් කාන්තාවන් බව ඔවුන් පවසයි.

සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 80ක්ම සිදුව ඇත්තේ නිවාස සංකීර්ණ සහ නිවෙස් වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය පෙන්වා දෙයි.