පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

0
210

NEWSNOW| – අද (9) උදෑසන නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

පාකිස්තාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පාකිස්තාන ආරක්ෂක මේ වනවිට කරුණු අනාවරණය කරගනිමින් සිටියි.