Home TOP ජයග්රහණයෙන් උදම් වන ට්‍රම්ප්ගේ මීළඟ සැළසුම කුමක් වේවිද?
NEWSNOW | – ආවේගශීලී සහ චණ්ඩි පුරසාරම් සහිතව පැවති ඩොනල්ඩ් ට්රම්පගේ ඡන්ද ව්‍යාපාරය දුටු ලෝකයා දැන් ඔහු ජය ගෙන ඇති තත්වයක ඔහු කුමක් කරාවිදෝය යයි ත්රසායෙන් යුතුව බලා සිටිති. නීති විරෝධිව ඇමරිකාවට එන සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීම ඇතුලුව ඇමරිකාවේ ආර්’ථික අර්’බුදය විසඳීම, රුසියන් යුක්රේන් ප්රශ්නය බලයට පැමිණ පැය 24 කින් විසඳීම. මැදපෙරදිගට සාම ගෙන ඒම, චීනයේ ආර්’ථික බලපුළුවන්කාරකම් මට්ටු කිරීම වැනි ඡන්ද පොරොන්දු ගණනාවක්ම ට්‍රම්ප් ලබා දී ඇත.

මේ කිසිවක් ලෙහෙසියෙන් කළ හැකි දේවල් නොවුවද ට්‍රම්ප් යනු කියන දේ කරනු කෙසේ වෙතත් කරන්නට උත්සාහ කරන පුද්ගලයෙක් බවට ප්රකටය.
මැදපෙරදිග ට්‍රම්ප් ගැන අදහස් දැක්වු ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයට පැමිණි ජනාධිපතිවරුන් අතුරින් ඊශ්‍රායලයේ හොඳම මිතුරා ට්‍රම්ප් යැයි විටෙක පැවසුවේය. මෙයට පෙර බලයේ සිටි විට සිරියාවේ ගෝලාන් මුදුනේ ඊශ්‍රායලයේ නීති විරෝධී ලෙස ජනාවාස පිහිටුවීම සෙසු ලෝකයා හෙළා දුටු විට එයට ට්‍රම්ප් සහය දැක්වුයේය. එමෙන්ම ඊශ්‍රායලයේ අගනුවර ටෙල්අවිව්හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්’යාලය ජෙරුසලමයට මාරු කිරීමටද ට්‍රම්ප් පියවර ගත් අතර මෙයද බාහිර ලෝකයා විසින් තරයේ හෙළා දකින ලදි. ජෙරුසලමය යනු ප්‍රශ්න ගත භූමි භාගයක් වන අතර එහි ඊශ්‍රායලයේ සඳහා වන එක්සත් ජනපදයේ තානාපති කාර්’යාලය පිහිටුවීම එම පෙදෙස ඊශ්‍රායලයට අයත් යැයි නොකියා කීමකි. එමෙන්ම ඊශ්‍රායලය සහ ඇතැම් අරාබි රටවල් හාද කරවීමේ කපුකම්වලද ට්‍රම්ප් නියැලුනේය.
මැද පෙරදිග සාමය ඇති කරන බවට ට්‍රම්ප් පොරොන්දු වුවද අතීත සටහන් අනුව පෙනී යන්නේ එක්සත් ජනපදය වැඩියෙන්ම දායක වී ඇත්තේ කූඨ ලෙස එම කලාපයේ යුධ ගිනි නොනිවා පවත්වා ගෙන යාමට බවයි. මෙයට එක් ප්‍රධාන හේතුවක් නම් එක්සත් ජනපදයට දැනට නොනැසී ඉතිරිව ඇති කර්’මාන්තවලින් එකක් වන අවි ආයුධ ක්ෂේත්රයට අඛණ්ඩව ඇණවුම් තිබීම සහතික කිරීම යැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසති.

පසුගිය ඔක්තෝම්බර් මස ආරම්භ වී වසරක් පසුකරමින් යන ඊශ්‍රායලය -හමාස් ගැටුම දැන් කලාපීය අර්බුදයක් බවට පත්ව ඇති අතර එය තුන්වන ලෝක යුද්ධයක් බවට පත්වේදෛා්ය යන බියද ඇති කර තිබීමට එක්සත් ජනපදය ඊශ්‍රායලයට නොකඩවා ලබා දෙන අවි ආයුධ සැපයීම මුලික හේතුවකි. යුධ බිය තත්වය මැදපෙරදිග නොකඩවා පවත්වා ගෙන යාමට එක්සත් ජනපදය විසින් දැනටමත් ජාත්‍යන්තර සම්මුති කිහිපයක්ම උල්ලංඝනය කර ඇති අතර ගාසාවෙහි ඊශ්‍රායලය සිදු කරන යුධ අපරාධවලට සහ මානුෂීය සැහැසිකම්වලට කොන්දේසි විරහිතව සහය ලාබ දෙමින් සිටීම ඉන් එකකි.
මේ සියල්ල මෙන්ම සහජයෙන්ම ට්‍රම්ප් ඔත්පලව සිටින මුස්ලිම් විරෝධි ආකල්පයද සැලකිල්ලට ගන්නා කල මැද පෙරදිග යුධ ගිනි නිවන බව කියන ට්‍රම්ප් එහි යනු ඇත්තේ වතුර බාල්දියක් අතැතිව නොව පෙට්‍රල් කෑන් එකක් සහිතව බවට සැකයක් නැත යැයි විචාරකයන් කණස්සල්ල පළ කරති.
ඉරානය ට්‍රම්ප්ගේ ඉරාන පිළිකුළද ලෝ ප්රකටය. එය ඔහු ධවල මන්දිරයේ සිටින විට පමණක් නොව එයින් බාහිරවද ප්‍රදර්’ශනය කරන්නට කිසි විටෙක පැකිලී නැත. ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීමට නම් ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන නැවැත්විය යුතුය යන කොන්දේසිය සමග ඉරානය සමග 2015 වසරෙහි සාකච්ඡාවක් සැලසුම් කළ විට එයින් එක්සත් ජනපදය ඉවත් කිරීමට එවකට ජනාධිපතිව සිටි ට්‍රම්ප් ඒකපාර්’ශවිකව පියවර ගත්තේය. මෙහි අරුත වන්නේ ඉරානයට පහර දීමට එක්සත් ජනපදයට ඇති එකම හා ප්‍රධාන හේතුව අහිවර කරගන්නට ට්‍රම්ප් සුදානම් නැති බවයි. ඉරානයේ ප්‍රධාන හමුදාපතිවරයෙකු වු කාසෙම් සුලෙයිමානි ඝාතණය එවකට සැලසුම් කළේද ඩොනල්ඩ් ට්‍රම්ප්ය. එමෙන්ම ඉරානයේ හුස්ම හිරවන තරමට සම්බාධක වැඩි කිරීමටද එටකට ට්‍රම්පි පියරව ගත් අතර පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරයෙහිද තමා බලයේ සිටි විට ඉරානය ඕනවට වඩා නටන්නට’ තමන් ඉඩ නුදුන් ආකාරයද ඔහු විදිකාලව සිහිපත් කළේ නැවත බලයට ආවොත් ඉරානය මට්ටු කරන බවට ඉගි කරමිනි. මේ අතරම ලොව පවතින ගැටුම්වලට අනවශ්‍ය ලෙස හොට දමමින් සිටිනවා වෙනුවට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන එක්සත් ජනපදයේ ආර්’ථිකය සහ කර්’මාන්ත ක්ෂේත්රයට වැඩි අවදානයක් තමන් යොමු කරන බවටද ප්‍රම්ප් පොරොන්දු වුයේය. කර්’මාන්ත සහ තාක්ෂණ ඉසව්වලින් අතිශය බලවත් වෙමින් සිටින චීනයට අභියෝගයක් ලබා දිය හැකි තරමට එක්සත් ජනපදය එම අංශවලින් ශක්තිමත් කිරීම තම ප්‍රධාන යොමුවක් බව කලක සිටම ට්‍රම්ප් කියමින් සිටිනු දැකිය හැකිය.

රුසියාව සහ යුක්රේනය තමා බලයට පැමිණ එක් දිනකින්ම රුසියානු යුක්රේන යුද්ධය නවත්වන බව ට්‍රම්ප්ගේ එක් ඡන්ද පොරොන්දුවක් විය. මෙම සක්කර විජ්ජාව කරන්නේ කෙසේද යැයි ඔහුගෙන් විමසු විට ට්‍රම්ප් පැවසුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුට්න්ට මෙන්ම යුක්රේන ජනාධිපති ව්ලැඩිමිර් සෙලෙන්ස්කි යන දෙදෙනාටම ප්‍රබල මෙන්ම දුබල තැන් ඇති හෙයින් ඔවුන් දෙදෙනා පුද්ගලිකව හමු වී කථා කර පැය 24 කින්ම මෙම අර්බුදය විසඳන්නට තමා කටයුතු කරන බවයි. අනෙක් එක්සත් ජනපද ජනාධිපතිවරුන් මෙන් නොව සෙලෙන්ස්කි සමග මෙන්ම පුටින් සමගද ට්‍රම්ප්ට සමීප ඇසුරක් තිබෙන තත්වය මත විශ්වාසය තබා ඔහු මෙසේ පවසන්නට ඇත. මෙයට මැදිහත් වීමට තමා ජනාධිපතිවරයෙක් වීම අවශ්‍ය නොවේ යැයිද ඔහු කියමින් සිටියේය. එමෙන්ම රුසියාවට එරෙහි සටනට නොකඩවා එක්සත් ජනපදයෙන් අවි ආයුධ සෙලෙන්ස්කි ඉල්ලා සිටීමද ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කළේ මෙය ඉවර නොවන කරච්චලයක්’ යැයි සිය නොසතුට පළ කරමිනි. යුදෙව් ධනකුවේරයන් මුදල් ගෙවීමට නිතර සුදානමින් සිටින නිසා ඊශ්‍රායලයට සහය දක්වනවා මෙන් නොව යුක්රේනයට අවි ආයුධ දීම එතරම් ලාභදායී කටයුත්තක් නොවේ. තවද යුක්රේනයට සහය දැක්විය යුත්තේ රුසියාව සමග එක්සත් ජනපදයට ඇති ඓතිහාසික පසමිතුරුකමේ උඩගු කම වෙනුවෙන් පමණි. මෙසේ කිරීම දැනට ණය බරින් මිරිකී සිටින එක්සත් ජනපදයට දරා ගත හැකි වියදමක් නොවන තත්වයද ට්‍රම්ප්ගේ මෙම ආකල්පයට හේතු වනවාට සැක නැත.
කෙසේ වෙතත් විචාරකයන් පවසන්නේ ට්‍රම්ප්ගේ පැය 24’ කයිවාරුව ඇත්තක්ද යැයි දැන ගැනීමට ඔහුට අවස්ථාවක් ලබා දිය යුතු බවයි. එනමුත් පුටින්ට ට්‍රම්ප් දක්වන ආලය යුරෝපා සන්දර්භයට රුසියාව සමීප කර ගන්නට හේතුවක් විය හැකිදෝය යැයිද ඇතැම් යුරෝපා රටවල් සිය කණස්සල්ල දක්වති.
චීනය
චීනය වෙත වන එක්සත් ජනපදයේ යොමුව නොහොත් ඊර්ෂ්‍යාව වෙළෙඳාම හා තාක්ෂණය මුල් කර ගත් එකකි. ට්‍රම්ප් පෙර බලයේ සිටි විට ඩොලර් බිලියන 250 ක් වටිනා චීන අනයන සඳහා තීරු බදු ඉතා දැඩි ලෙස වැඩි කළේය. චීනයේ විශාලතම ආනයනයකරු එක්සත් ජනපදය වන තත්වයක මෙය චීනය දැඩි අසීරුතාවයට පත් කළ අතර චීනයද එවිට හැකි සෑම ප්රතිප්රහාරයක්ම එක්සත් ජනපදයට එල්ල කළේය.
කෙසේ වෙතත් මෙවර ඡන්ද ව්‍යාපාරයෙහි චීනය ගැන ට්‍රම්ප්ට තිබුනු දැඩි ස්ථාවරයෙහි ලිහිල් බවක් ඔහු දක්වනු දැකිය හැකි විය. එය කපන්නට බැරි අත සිඹීමක් බව නම් පැහැදිලිය. සමාජවාදි චීනය ආර්’ථික පතාකයෙකු කරන්නට චීන ජනාධිපති සී ජිංපිංගේ දායකත්වය තමා අගය කරන බව දැන් ට්‍රම්ප් පවසයි. කෙසේ වෙතත් තමා පෙර ජනාධිපතිව සිටින විට චීන ආනයනවලට තීරු බදු වැඩි කිරීම නිසා එක්සත් ජනපදයට බිලයන ගණනාවක් මුදල් ලැබුනු තත්වයද ඔහු සිහිපත් කරයි.
මෙවරද එක්සත් ජනපදයට විවිධ රටවල් එවන එවන භාණ්ඩවල අවම වශයෙන් 10 % තීරු බද්දක් පනවන බව පවසන ට්‍රම්ප් චීනයෙන් එන භාණ්ඩවල 60 % දක්වා තීරු බදු පැනවීමට තමා කටයුතු කරන බවද පවසයි. කෙසේ වෙතත් ඡන්ද ව්‍යාපාරවලදී කියන අප්‍රායෝගික දේ පසුව වෙනස් කිරීම ට්‍රම්ප්ගේ සිරිතක් බව විචාරකයෝ පෙන්වා දෙති.
පෙර ධුරකාලයෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නේටෝ වැනි ජාත්‍යන්තර ආයතන ට්‍රම්ප් සමච්චලයට ලක් කළ අතර දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම ඇතුළු බහුපාර්ශ්වික ගිවිසුම්වලින්ද ඔහු ඉවත් විය.වොෂින්ටනයේ නේටෝ සගයන් කලාපයේ සාමූහික ආරක්ෂාව සඳහා ඔවුන්ගේ සාධාරණ කොටස නොගෙවන බවටද ට්‍රම්ප් චෝදනා කර ඇති අතර ඒ නිසා රුසියාව යම් දිනෙක නේටෝ රටවලට පහර දුන්නොත් ඔවුන් ආරක්ෂා කරන්නට එක්සත් ජනපදය ඉදිරිපත් නොවන බවද ඔහු පවසා ඇත. සියලුම සාමාජිකයින් අන්‍යෝන්‍ය ආරක්ෂාව ලබා දිය යුතුය යැයි වගන්තියක් නේටෝ ප්‍රඥප්තියෙහි අඩංගු වෙයි. කෙසේ වෙතත් ට්‍රම්ප් නැවත වාරයක් එක්සත් ජනපදයේ ජනාධිපති වීම යුරෝපීය රටවලට ආර්ථික සහ ආරක්ෂා යන ඉසව්වලින් අවාසි සහගත තත්වයක් ඇති කළ හැකිය යන පොදු බියක් ඇතිව තිබේ. නිදසුනකට චීනයට දඬුවම් කිරීමට චීන නිෂ්පාදනවලට අසීමිව තීරු බදු පනවන මෙන් යුරෝපා සංගමයේ රටවලට ට්‍රම්ප් බල කරනු ඇත යැයි එම රටවල් කණස්සල්ල පළ කරති.