රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලු විදුහල්පතිනියක් අත්අඩංගුවට

0
161

NEWSNOW | – රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලු රාගම ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගැනේ.

2025 අධ්‍යයන වර්ෂය සඳහා 01 ශ්‍රේණියට සිසුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 150,000ක මුදලක් එම විදුහල්පතිනිය ඉල්ලා තිබේ.

ඒ මත්තුමාගල ප්‍රදේශයේ කාන්තාවකගෙනි. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලැබුණු තොරතුරක් මත එම අවස්ථාවට අල්ලස් කොමොසමේ නිලධාරීන් පැමිණ ඇත.

එහිදී පාසල් පරිශ්‍රයේ පිහිටි කාර්’යාලයේදී අල්ලස් මුදල ලබා ගනිමින් සිටියදී ඇය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය