නව තානාපතිවරු දෙදෙනෙක් අද ජනපති බැහැ දකී

0
208
NEWSNOW |  – ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ තානාපතිවරු දෙදෙනෙක් අද ජනාධිපති කාර්’යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති ඇඩෙල් ඊබ්‍රාහිම් සහ ජපාන තානාපති ISOMATA Akio යන මහත්වරු සිය අක්තපත්‍ර ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ප්‍රකාශ කළේ අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඔවුන් ජනාධිපතිතුමා හමුවීමට ද කටයුතු කළ බවයි.